I දේශපාලන වාර්තාකරු
ඉදිරි පළාත් සභා ඡන්දය පැවැත්විය යුත්තේ කවර මැතිවරණ ක්‍රමයකටද යන්න තීන්දු කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ හමුවක් ලබන 19දා (හෙට) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය තීන්දු කර තිබේ.
මෙයට පෙර පක්ෂ ප්‍රධානීන් වෙනමත් කැබිනට් මණ්ඩලයේත් මේ ගැන සාකච්ඡා වට ගණනාවක්ම පවත්වනු ලැබීය. එහෙත් ඒ කිසිදු අවස්ථාවක මේ ගැන අවසන් තීන්දුවක් ගත නොහැකි වූ බැවින් මෙම රැස්වීම කැඳවා ඇත.
පළාත් සභා ඡන්දය පැවැත්විය යුත්තේ පැරණි අනුපාත ක්‍රමයටද නව මිශ්‍ර ඡන්ද ක්‍රමයටද යන්න නිරාකරණය කළ යුතු ප්‍රධානම ප්‍රශ්නයයි. එයට අමතරව ඡන්ද කොට්ඨාස සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයන් ගණන හා ඔවුන් පත්කෙරෙන ප්‍රතිශතය ගැනද මෙතෙක් පක්ෂ නායකයන් අතර එකඟතාවක් ඇතිවී නැත.