2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

මාධ්‍ය මර්දනයට ආණ්ඩුව සැරසෙනවා - චම්පික රණවක

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 43

I චමිඳු නිසල් ද සිල්වා

සමාජ මාධ්‍ය පාලනය සඳහා නීති ගෙන ඒමෙන් රජය ජනතාවත් මාධ්‍යයත් මර්දනය කිරීමට සැරසෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ලක්ෂණය වන්නේ ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියයි. වර්තමාන ආණ්ඩුව මෙරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් පාවිච්චි කරමින් ගොඩනැගෙන ආණ්ඩුව විරෝධය පාලනය කිරීමේ උත්සාහයක නිරත වේ. එසේ පාලනයක කිරීමට නොහැකිව ඇත්තේ සමාජ මාධ්‍ය පමණි. එම නිසාවෙන් ආණ්ඩුට විරුද්ධව ඇති සමාජ මාධ්‍ය වේදිකාවන් නිෂ්ක්‍රීය කිරීමේ කටයුත්තට නව පනත හරහා කරවා ගැනීමකට ආණ්ඩුව සූදානම් බව පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

නවීන ලොවම පිළිගෙන ඇති පරිදි සමාජ මාධ්‍ය යනු මහජනතාව සතු පොදු දේපළකි. දැනටමත් මෙරට සමාජ මාධ්‍යයේ නොමනා හැසිරීම් පාලයනයට අයි.සී.සී.පී.ආර්. පනත, අපරාධ නීතිය වැනි නීති ප්‍රතිපාදන තිබේ. එම නීතිද ආණ්ඩුව තම වාසියට පමණක් භාවිතා කරන බව පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.