දේශපාලන වාර්තාකරු l
පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඉල්ලා අස්කරගන්නා ලද අල්ලස් නඩු ගණනාවක් නැවත පැවරීමට එම කොමිසම තීන්දු කර තිබේ.
මෙලෙස පසුගිය සති කිහිපය තුළ නඩු ගණනාවක් ඉල්ලා අස්කර ගැනීමට හේතු වූයේ එම නඩු පැවරීමේ ලේඛනවල අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන් කර නොතිබීම නිසාය. කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැතිව අල්ලස් දූෂණ නඩු නොපැවරිය යුතු යැයි පනවා තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව මෙකී නඩු ඉල්ලා අස්කර ගැනිණ.එලෙස ඉල්ලා අස්කරගත් නඩු 5ක් මුලින්ම නැවත පැවරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. මෙරට ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු, නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයකු, රේගුවේ හිටපු ප්‍රධානීන් ගණනාවකට එරෙහිව මෙම නඩු පැවරෙනු ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා වත්මන් අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අනුමැතිය ලද වහාම නඩු පැවරෙනු ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.