I දේශපාලන වාර්තාකරු
වතුකරය ආශ්‍රිතව නව දේශපාලන පක්ෂයක් බිහිකිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. එයට නායකත්වය දෙන්නේ පසුගියදා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණෙන් කැඩී ගොස් රජයට සහය පළකළ අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයාය.
ඔහුට මේ සඳහා ප්‍රධාන වශයෙන්ම අනුග්‍රහය ලබාදෙන්නේ කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ පී. චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය වන අනුෂා චන්ද්‍රසේකරන්ය.
දැනට වතුකරයේ දේශපාලන ආධිපත්‍යය දරන තොණ්ඩමන්, දිගම්බරම් හා රාධා ක්‍රිෂ්ණන් යන පක්ෂ නායකයන්ට විකල්ප ලෙසින් අරවින්ද් කුමාර් හා අනුෂා චන්ද්‍රසේකරන්ගේ පක්ෂය නිර්මාණය කෙරේ. එයට අදාළ මූලික කටයුතු මේ වනවිටත් නිමකර තිබේ. මෙතෙක් පක්ෂයට නමක් තබා නැතත් ඉතා ඉක්මණින් නව පක්ෂය පිහිටුවීම සිදුකරනු ඇතැයි වාර්තා වෙයි.