I ගයාන් ගාල්ලගේ
අදට (04) යෙදී තිබෙන පාස්කු ඉරිදා දිනයට සමගාමීව සියලු දේවස්ථාන සහ සංචාරක හෝටල් සඳහා විශේෂ ආරක්ෂාවක් සහිත පුළුල් මෙහෙයුමක් ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යංශය ක්‍රියාත්මක කළේය.
ඒ අනුව සියලුම පල්ලිවලට සහ හෝටල්වලට ඇතුළුවන සහ පිටව යන අය පරීක්ෂා කිරීමට තීරණය කර ඇති අතර ඊට අමතරව සියලුම දේවස්ථාන සහ හෝටල් පරීක්ෂා කිරීම සිදුවෙයි.
අප්‍රේල් පළමුවැනිදා සිට හෙට (5 වැනිදා) දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර මේ සඳහා ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, සියලුම බුද්ධි අංශ යොදවා ඇත.