I දේශපාලන වාර්තාකරු
දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව විශේෂ පාර්ලිමේන්තු යෝජනාවක් ලෙස මැතිසබයේ සම්මත කරගෙන නීතිගත කිරීමට රජය තීන්දුකර තිබේ.
මෙයට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයක්ද කැබිනට්ටුව විසින් ගෙන ඇතැයි වාර්තා වෙයි.
මුලින් යෝජනා කර තිබුණේ මෙම කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමටයි. ඒ සඳහා අප්‍රේල් 8 සහ 9 දෙදිනද වෙන්කර තිබිණි. එහෙත් ඒ වෙනුවට මෙය විශේෂ යෝජනාවක් ලෙස මැතිසබයට ඉදිරිපත් කොට බහුතර ඡන්දයෙන් එය සම්මත කරගෙන නීතිගත කළ යුතු යැයි රජය ගනු ලැබූ තීන්දුව අනුව එම යෝජනාව මැතිසබයට ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඊට අදාළ කෙටුම්පත මේ වනවිටත් නීතිඥ මණ්ඩලයක් විසින් සකස් කර තිබේ.