2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් වෙනම මැයි රැලියක්

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 223

දේශපාලන වාර්තාකරු l

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක්වී වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීන්දු කර ඇත. එම පක්ෂ මෙම තීරණය ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සවස කොළඹදී පවත්වන ලද පක්ෂ 11 නායකයන්ගේ විශේෂ හමුවකදීය.

මෙම හමුවට කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ද ශ්‍රීලනිප මහ ලේකම් හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රීන් වන අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරණතුංග, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩිව් ගුණසේකර, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ඇතුළු පක්ෂ නායකයෝ ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් සහභාගි වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම විකල්ප කණ්ඩායම සමඟ මැයි රුලිය සඳහා එක්වීම විශේෂයකි.

ලබන මැයි මස 01දා පොහොට්ටුව ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනම මැයි දින රැලියක් පවත්වන අතර එහි ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 වෙනම මැයි රුලියක් පැවැත්වීමට බලපෑ හේතු කිසිවක් ප්‍රකාශයට පත්වී නැත.