2021 මාර්තු 27 වන සෙනසුරාදා

චීන්නු දහදාහක් ලංකාවේ රස්සාවල

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

I දේශපාලන වාර්තාකරු

මේ වන විට චීන ජාතිකයන් දස දහසක් (10,000) පමණ ශ්‍රී ලංකාවේ විවිධ වෘත්තීන්වල නියැලී සිටින බව වාර්තා වෙයි.

ඔවුන්ගෙන් බහුතරය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ රැකියා කරති. මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රැසක මේ අය සේවය කරන අතර ඔවුන්ගෙන් බහුතරය වාසය කරන්නේ බස්නාහිර පළාත ආශ්‍රිතවය.

මෙම සංඛ්‍යා දත්ත හෙළිදරව් වූයේ පසුගියදා කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් රජයෙන් කරන ලද ඉල්ලීමක් නිසාය. මෙරට තාවකාලිකව රුකියා කරන චීන ජාතිකයන් 10,000ක් පමණ සිටින නිසා ඔවුනට චීනයේ නිෂ්පාදිත “සයිනෝෆාම්” එන්නත ලබාදෙන ලෙස කොළඹ චීන තානාපති කාර්යාලය රජයට දැනුම් දී තිබිණි.           

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00