I දේශපාලන වාර්තාකරු
ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධ රජයේ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලබන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
පසුගිය සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව විෂය භාර අමාත්‍ය ජනක තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.
එම පනත මගින් ඡන්දය පැවැත්වීමට විකල්ප දෙකක් යෝජනා කර ඇත. පළාත් සභා ඡන්ද පනත සංශෝධනය කොට පැවති මනාප ක්‍රමයට ඡන්දය පැවැත්වීම ඉන් පළමු යෝජනාවයි.
දෙවැන්න අනුපාත හා කොට්ඨාස මිශ්‍ර ක්‍රමයට ඡන්දය පැවැත්වීමයි. ඒ සඳහා නැවතත් සීමා නිර්ණයක් කළ යුතුය. මාස දෙකක කාලයක් තුළ සීමා නිර්ණය කටයුතු හමාර කර දිය හැකිවෙතැයි රජය පත් කළ නව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසම ආණ්ඩුවට දැනුම් දී තිබේ.
එම සියලු කරුණු සලකා බලා ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය ලබන කැබිනට්ටුවේදී තීන්දු කරනු ඇත. ගිය සඳුදා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාව තවදුරටත් අධ්‍යයනයට ඇමැතිවරුන් ගණනාවක් කල් ඉල්ලා තිබූ නිසා එය ලබන සඳුදාට කල් තැබිණි. දැනට වසර 4කට ආසන්න කාලයක් කල්ගොස් ඇති පළාත් සභා මැතිවරණ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍යාංශයට පසුගියදා දැන්වීය.