I දේශපාලන වාර්තාකරු
මෙතෙක් කලක් දේශපාලනයෙන් බැහැරව සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරණතුංග මහතා ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට එක්වනු ඇති බවට හිටපු ජනාධිපතිනිය විසින් හෙළිදරව්වක් කර තිබේ.
ජනප්‍රිය සමාජ මාධ්‍ය වැඩසටහනකට එක්වෙමින් සිය පුත්‍රයාගේ අනාගතය ගැන අදහස් දැක්වූ චන්ද්‍රිකා මැතිනිය මෙරට පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ සටනට සිය පුත්‍රයාද එක්වනු ඇතැයි කීවාය. විශේෂයෙන් රට හදන තරුණ බලවේගයකට සිය පුත් විමුක්තිගේ සහාය ලැබෙනු ඇති බව ඇය වැඩිදුරටත් කීවාය. එහෙත් දේශපාලනය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ක්‍රමය වෙනස් කළයුතු යැයිද හිටපු ජනපතිනිය පැවසීය.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිනියගේ සහ ජනප්‍රිය සිනමා නළු විජය කුමාරණතුංග මහතාගේ පුත්‍රයා වන 39 වියැති විමුක්ති මේ වනවිට එංගලන්තයේ පශු වෛද්‍යවරයෙක් ලෙස සේවය කරමින් සිටී. මෙරට ප්‍රබල දේශපාලන උරුමයක් ඇති තරුණයකු වන විමුක්තිගේ සීයා (එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක) ආච්චි (සිරිමාවෝ බණ්ඩාරනායක) සහ මව (චන්ද්‍රිකා බණ්ඩාරනායක) යන තිදෙනාම මෙරට රාජ්‍ය නායකත්වය දැරූහ. ඔහුගේ මාමණ්ඩිය වූ අනුර බණ්ඩාරනායක මෙරට කතානායක පදවිය දැරීය.