2021 මාර්තු 20 වන සෙනසුරාදා

පළාත් සභාවට ශ්‍රීලනිපයෙන් තනිව යන යෝජනාවක්

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

I ගයාන් ගාල්ලගේ

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කළයුතු බවට එම පක්ෂයේ මැති ඇමතිවරු කණ්ඩායමක් යෝජනා කර තිබේ.

මෙලෙස යෝජනා කර ඇත්තේ පසුගිය මහ මැතිවරණයේදී නාමයෝජනා අහිමිවූ සහ පරාජය වූ පිරිසක් විසින් බව සඳහන් වේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ පොහොට්ටුව සමඟ සන්ධානගතව තරග කළහොත් මෙවරද ඔවුන්ට නාමයෝජනා අහිමිවීමට හෝ පරාජය වීමට සිදුවන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ පෙළෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

පළාත් සභා මැතිවරණය සඳහා ජීවන් කුමාරතුංග, තිලංග සුමතිපාල, ගාමිණි තිලකසිරි, අජිත් බස්නායක, ඇතුළු පිරිසක් තරග කිරීමට නියමිත බව සඳහන් වේ.