I දේශපාලන වාර්තාකරු
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙරටින් බිහිවූ විශිෂ්ටතම විද්වතකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ මෙතෙක් දැරූ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි. ඔහු එම තනතුරෙන් ඉවත් කොට පුහුණු වන වෛද්‍යවරයකු එම තනතුර සඳහා ඖෂධ නිෂ්පාදනය සහ නියාමනය පිළිබඳ අමාත්‍යාංශය විසින් පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ සභාපති ධුරය ඇතුළු තනතුරු රැසක් දරන ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන උපදේශකවරයෙක් ලෙස දිගු කලක් සේවය කළේය.
පසුගිය වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 රෝගය මර්දනය සඳහා පත් කළ විශේෂ නියෝජිතයා වූයේද වෛද්‍ය අබේකෝන් මහතාය. එයට පෙර ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය භාර ප්‍රධාන උපදේශකවරයාද විය.
මෙවන් විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකික විද්වතකු ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨයෝ විමතිය පළ කරති.