2021 මාර්තු 13 වන සෙනසුරාදා

බුර්කාව හා මද්‍රසා පාසල් තමනම්!

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

දේශපාලන වාර්තාකරු I

මද්‍රසා පාසල් සහ බුර්කා ඇඳුම තහනම් කළ යුතු බවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවට යොමුකර ඇත.

බුර්කාව සහ මද්‍රසා පාසල් සම්බන්ධ නිර්දේශය රජයට ලබා දුන්නේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසම විසිනි. ඒ අනුව මද්‍රසා පාසල් සහ බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඒ ගැන මූලික සාකච්ඡාවක් පැවැත්වූ අමාත්‍ය මණ්ඩලය එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන නිර්දේශ ලබාදීමට අදාළ කැබිනට් කමිටුවට යොමු කළේය. එය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙයි.