2021 මාර්තු 13 වන සෙනසුරාදා

විමල්ට එරෙහිව අගමැතිට පැමිණිල්ලක්

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

I දේශපාලන වාර්තාකරු

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ ක්‍රියා කලාපයට එරෙහිව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීන් අග්‍රාමාත්‍යවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විමල් වීරවංශ මහතා රජයේ කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් රජයේ කටයුතු ගැන තම තමන්ගේ පෞද්ගලික මත ප්‍රකාශ කිරීම ආණ්ඩුවට හානියක් බැවින් මේ ගැන වහා යමක් කළ යුතු යැයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ පසුගිය බදාදා සන්ධ්‍යාවේ රජයේ පසුපෙළ මන්ත්‍රීන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා මුණගැසුණු අවස්ථාවේදීය. මේ රැස්වීමට මුල්වරට මැතිසබයට පැමිණි මන්ත්‍රීන් 46 දෙනෙක් සහභාගි වූහ.
මන්ත්‍රීන්ගේ පැමිණිල්ල සලකා බැලූ අග්‍රාමාත්‍යවරයා ලබන 16දා පැවැත්වෙන පොහොට්ටුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී විමල් ඇතුළු ඇමැතිවරැන්ගෙන් මේ පැමිණිල්ල ගැන කරැණු විමසීමට තීන්දු කළේය.