I ගයාන් ගාල්ලගේ
පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.
පසුගියදා නව නිලධාරී මඬුල්ල රැස්වූ අවස්ථාවේ එම තීරණය ගෙන ඇති අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් සභා මැතිවරණය සඳහා තරග වැදීමට කැමැත්ත දක්වන අයට අයැදුම්පත් මාර්තු 31කට කලින් කැඳවීමටද තීරණය වී ඇත.
මෙහිදී පක්ෂයේ නව නිලධාරී මඬුල්ලේ ප්‍රචාරක ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, විදේශ කටයුතු ලේකම් ලෙස සුරේන් රාගවන්, නීති කටයුතු ලේකම්වරුන් ලෙස නිමල් සිරිපාල ද සිල්වා සහ ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් පත් කර තිබේ.