2021 මාර්තු 06 වන සෙනසුරාදා

එන්නත් ලක්ෂ 12 ඉක්මවයි

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

දේශපාලන වාර්තාකරු I

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම් යටතේ කොරෝනා එන්නත්කරණය සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා 264,000 හෙට (08) සඳුදා ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් කර ඇතැයි රජයේ එන්නත්කරණ කමිටුවේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා දේශයට පැවසීය.

මෙම එන්නත් තොගය ලැබීමත් සමඟ දිවයිනට ගෙන්වා ඇති එන්නත් ප්‍රමාණය මාත්‍රා 12,64,000කි. එයින් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් පමණ දැනටමත් ජනතාවට ලබාදී ඇත.

තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක ප්‍රමාණයක් මාර්තු 10 වැනිදා වනවිට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. දැනට මෙරට හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ රැසියාවේ ස්පුට්නික් එන්නත් සඳහා අවසර ලබාදී ඇත.