2021 මාර්තු 06 වන සෙනසුරාදා

දයාසිරි අස්කරන්න ශ්‍රීලනිප පිරිසක් කියති

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

ගයාන් ගාල්ලගේ I

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂයේම ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එහි සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

පක්ෂයට විරැද්ධව කටයුතු කළ අයට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමත්, පක්ෂයේ සමාජිකයන්ට එරෙහිව දැඩි තීන්දු ගැනීමත් සහ රජය විවේචනය කිරීමත් නිසා ඔහුව පක්ෂයෙන් ඉවත් කරන ලෙසට දන්වා ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඇති බව දැනගන්නට ඇත.