2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

කෝටි 400කින් ආදායම නගී - මුදල් ලේකම්

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

ව්‍යාපාරික වාර්තාකරු I

පසුගිය වසර අවසන් කාර්තුවේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම රුපියල් කෝටි 400කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා දේශයට පැවසීය.

එයට පෙර වසරේ සමාන්තර කාලයේ බදු ආදායම රුපියල් බිලියන 61කි. ගිය වසරේ එය රුපියල් බිලියන 65ක් දක්වා කෝටි 400කින් (බිලියන 4කින්) වර්ධනය වී තිබීම කොරෝනා වසංගතය මධ්‍යයේද ලද ජයග්‍රහණයක් බව ලේකම්වරයා කීය. මෙම ජයග්‍රහණය ලැබුණේ රජයේ ප්‍රතිපත්තිය අනුව බදු අනුපාතයන්ද අඩු කිරීමෙන් පසුවය. එසේ වුවද නව බදු ලිපිගොනු 3500ක් පමණ මෙම කාලයේ විවෘත කර ආදායම් උපයා ඇත.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00