I දේශපාලන වාර්තාකරු
පාස්කු බෝම්බ ප්‍රහාර ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් ප්‍රහාරයට ඍජුවම වගකිව යුතු සහ එය මෙහෙයවූ කිසිවකු නම්කර නොතිබීම විමතියට කරුණක් බව සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර
මහතා දේශයට කීය.
ප්‍රහාරය වළක්වා නොගැනීම සහ වගකීම් පැහැර හැර ඇති අයට පමණක් දඬුවම් කරන ලෙස නිර්දේශ කරමින් ප්‍රහාරයේ වගකිවයුත්තන් නම් නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් ඔහු වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙසේ වුවත් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් දෙකක් ප්‍රහාරයට සම්බන්ධව සිට ඒ රටවලට පැනගිය කිහිප දෙනකුට දැනටමත් අපරාධ නඩු පවරා ඇතැයි කී මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ එවන් තත්ත්වයක් නොතිබීම දැඩි කනගාටුවට කරැණක් යැයිද කීය.