2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

උපාධිධාරි රාළහාමිලා 400ක් පොලීසියේ

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

I ආරක්ෂක වාර්තාකරු

පොලීසියේ කොස්තාපල් තනතුරුවල සහ තවත් පහළ නිලයන් ගණනාවක සේවය කරන 400ක් පමණ උපාධිධරයන් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව පොලිස් සේවයේ සිටින උපාධිධරයන් මුලින්ම පත්වීම් ලබන්නේ සහකාර පොලිස් අධිකාරීවරුන් (ඒ.එස්.පී) වශයෙනි. එහෙත් විවිධ හේතු මත පොලිස් කොස්තාපල් හා සෙසු පහළ නිලයන් සඳහා ඔවුහු සිය අභිමතය පරිදි එක්ව සිටිති.

එහෙත් නව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඔවුනට විශේෂ විභාගයකට මුහුණ දී එය සමත් වුවහොත් ඒ අය සහකාර පොලිස් අධිකාරීවරුන් වශයෙන් සේවයට බඳවා ගැනීමට අවශ්‍ය රෙගුලාසි දැනටමත් සකස් කර තිබේ. ඒ අනුව පොලිස් කොස්තාපල් හා සෙසු පහළ නිලයන්හි සිටින උපාධිධරයන්ට ඒ.එස්.පී. විභාගය සඳහා පෙනී සිටීමට වරම් හිමිවන බව පොලිස්පති කාර්යාලය පවසයි.