
l දේශපාලන වාර්තාකරු
යෝජිත ඇමැති මණ්ඩල සංශෝධනය පිළිබඳ කතාව නැවතත් දේශපාලන කරළියට පැමිණ තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සති අන්තයේ මාධ්‍යයට ප්‍රකාශකර තිබුණේ ඉක්මනින් සංශෝධනය සිදුවන බවය.
අප වෙත ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම අප්‍රේල් 20ත් 25ත් අතර කාලයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවීමට නියමිතය. අගමැතිවරයාගේ ජපාන හා වියට්නාම සංචාරවලින් පසුව ඉන්දීය සංචාරයට පෙර ඇමැති සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. අගමැතිවරයා ජපාන හා වියට්නාම සංචාර හමාරකර මෙරටට එන්නේ අප්‍රේල් 19 දාය. ඉන්දීය සංචාරය ඇරැඹෙන්නේ අප්‍රෙල් 25දාය.