2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

මූල්‍ය අරමුදල අැණය තදකරයි

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 70


 

l සංජීවිකා සමරතුංග

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීමට නම් දේශීය ආදායම් පනත කඩිනමින් සම්මත කරන ලෙස මූල්‍ය අරමුදල රජයට දන්වා ඇත. ඒ හැර මාස දෙකක කාලයක් තුළ මහ බැංකු සංචිතය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වෙළඳපොළෙන් මිලදී ගත යුතු යැයිද නියම කර තිබේ.
මෙම මූලික කොන්දේසි සපුරාලීමෙන් පසු ශ්‍රී ලංකාවේ තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීමට අදාළ යෝජනාව මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද මූල්‍ය අරමුදල් පාලක මණ්ඩලය තීන්දු කර ඇත.

මෙම නියමයට අනුව දැනට රජය දේශීය ආදායම් පනත කෙටුම්පත් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා තිබේ. එහෙත් ඊට දේශීය ආදායම් වෘත්තිය සංගම් විරෝධය දක්වා ඇත. ඒ අතර සෙසු කොන්දේසිය සපුරාලීම සඳහා විවෘත වෙළෙඳපොළෙන් මේ වනවිට ඩොලර් මිලියන 150ක් පමණ මහ බැංකුව මිලදී ගෙන ඇතැයි වාර්තාවෙයි.