2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

දේශීය විදේශීය පක්ෂ හවුලකට මැකෝගෙන් පොල්ලක්

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

හසිත් අංජන I

භාරතීය ජනතා පක්ෂයට ලංකාවේ කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගතවී හෝ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීමට නීතිමය ඉඩක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා දේශයට කීය.

මෙරට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට යම් කණ්ඩායමක් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් සැදුම්ලත් පක්ෂයක් ගොඩනගාගත යුතු බවත් ඒ සඳහා දේශපාලන ශාඛා සමිති පිහිටුවීම මෙන්ම ස්වාධීනව මැතිවරණවලට ඉදිරිපත් වීම ඇතුළු දේශපාලන කටයුතුවල වසර 4ක් හෝ පහක් නිරත විය යුතු බවත් මැතිවරණ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.