I සුගත් පී. කුලතුංගආරච්චි
කොවිඩ් 19 වෛරසයේ නව මාදිලි දෙකකින් ‘හයිබ්‍රිඩ්’ (දෙමුහුන්) වෛරස ප්‍රභේදයක් සොයාගැනීමට අමෙරිකාවේ වෛරස පර්යේෂිතාවක සමත්ව සිටී.
මෙතෙක් සොයාගත් අතිශයින්ම භයානක මාරාන්තික වෛරස ප්‍රභේදය මෙයයි. වෛරස මාදිලි දෙකක් හයිබ්‍රිඩ් වී තැනුණ තනි කොවිඩ් වෛරසයක් සොයාගත් මුල්ම අවස්ථාවද මෙයයි.
කැලිෆෝනියාවේ සාම්පල් රැස්කරන මධ්‍යස්ථානයකින් ලද සාම්පල තුළින් වාර්තා වූ මේ භයානක නව වෛරස ප්‍රභේදය ලොවපුරා සීඝ්‍රව පැතිර යාම සිදුවිය හැකි බවට මේ වනවිටද විද්වතුන් අනතුරු අඟවා තිබේ.
මේ නව දෙමුහුන්කරණ මාදිලිය එංගලන්තයෙන් මෑතක සොයාගත් සීඝ්‍රව පැතිර යාමේ ලක්ෂණය සහිත B.1.1.7, මාදිලිය සහ සිරුරේ ඇතැම් ප්‍රතිදේහ සඳහා ප්‍රතිරෝධී බවක් දක්වන අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් සොයාගත් B.1.429, යන නව මාදිලි 02ක දෙමුහුන්කරණය වීමෙන් තැනුණකි. ප්‍රතිදේහ සඳහා ප්‍රතිරෝධි වීම සහ සීඝ්‍රයෙන් පැතිර යාම වැනි භයානක ලක්ෂණ සහිත මෙම අලුත් මාදිලිය නව මෙක්සිකෝවේ ලොස් ඇලමෝස් ජාතික පර්යේෂණාගාරයේ වෛරස විද්‍යාඥ බෙටී කෝබර් විසින් වෙන්කර හඳුනාගන ඇත. කොරෝනා 19 වසංගතය වඩාත් මාරාන්තික නව අදියරකට තල්ලු කිරීමට මේ හයිබ්‍රිඩ් - මාදිලිය මුල් විය හැකි බව විද්වත්හු පෙන්වා දෙති.