2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

පළිගැනීමේ කොමිසමේ වාර්තාවට සජබෙන් නඩු

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

I ගයාන් ගාල්ලගේ

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින් ලබාදුන් නිර්දේශවලට එරෙහිව නීතිමය කටයුතු සිදුකිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ තලතා අතුකෝරළ යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් සමගි ජනබලවේගය පක්ෂය විසින් පිහිටුවා තිබේ.

කමිටුවට ඒ දෙදෙනාට අමතර ප්‍රවීණ නීතීඥ කණ්ඩායමක්ද පත්කර ඇතැයි සඳහන් වේ.

එම කණ්ඩායම විසින් කොමිසමේ නිර්දේශවලට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග ගැන අවසන් නිගමනයකට පැමිණ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කර අදාළ ඉදිරි කටයුතු සිදුකිරීමට තීරණය කර ඇත.