2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ජනපති - අගමැති පසුපෙළ මන්ත්‍රී හමුවක්

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

| ගයාන් ගාල්ලගේ

ආණ්ඩුව තුළ හදිසියේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඊට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඉදිරි සතියේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.

ඊට අමතවරව බැසිල් රාජපක්ෂ මහතාත් හමුවීමට නියමිතව ඇතැයි ඒ මහතා කීය.

ආණ්ඩුවේ අමාත්‍යවරුන් සාමුහිකත්වය රැකගනිමින් කටයුතු කිරීමට වෙනුවට විපක්ෂයේ කාර්ය ඉටුකරමින් සිදුකරන විවේචන හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ආණ්ඩුවට එරෙහිව ඇතිව තිබෙන බවට මෙහිදී පෙන්වා දීමට නියමිතව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.