2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

නව ව්‍යවස්ථාවට පොහොට්ටුවේ යෝජනා දෙයි

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 21

I දේශපාලන වාර්තාකරු

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය (පොහොට්ටුව) විසින් ලබාදෙන යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත වාචිකව ඉදිරිපත් කළ බව එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දේශයට කීය.

එම කරුණු දැක්වීම්වලදී පසුගිය රජය සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාගත කළ සංශෝධනයට ලක්විය යුතු කරුණු ගණනාවක් ගැන ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ අවධානයට යොමු කර ඇත. විධායක ජනාධිපති ධූරය ඇතුළු සමස්ත ව්‍යවස්ථාව සම්බන්ධවම මෙහිදී පුළුල් සාකච්ඡාවක් කර තිබේ. මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, ප්‍රසන්න රණතුංග, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨතම නියෝජිත පිරිසක් ව්‍යවස්ථා සම්පාදන කමිටුව හමුවී මෙම කරුණු දැක්වීම සිදුකර තිබේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00