
l සංජීවිකා සමරතුංග
නියඟයෙන් පීඩාවට පත් පවුල් දෙලක්ෂ පනස් දහසකට සහනාධාර සැපයීමට මසකට රුපියල් කෝටි 430ක් පමණ වැඩිවෙතැයි ගණන් බලා ඇත. මාස 4ක පමණ කාලයක් එක් පවුලකට මාසයකට රුපියල් 10,000 බැගින් මෙම සහනාධාරය ගෙවීමට යෝජිතය. ඒ අනුව මාස 4ක කාලය සඳහා පවුල් 2,50000ට ගෙවීමට සිදුව ඇති සමස්ත මුදල් ප්රමාණය රුපියල් කෝටි 1700ක් පමණය.
පසුගිය කාලයේ දිවයිනේ දිස්ත්රික්ක 14කට පමණ දැඩිලෙස නියඟය බලපා තිබුණි. උතුරු හා උතුරු මැද පළාත් දැඩිලෙස නියඟයෙන් පීඩාවට පත්විය. මෙම සහනාධාර මුදල් වැඩිපුරම ගෙවීමට සිදුව ඇත්තේ නියඟයෙන් තමන්ගේ වගාවන් ආලපාළුවී විනාශයට පත් ගොවි පවුල් වෙනුවෙනි.