2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

කොරන්ටයින් නීති කඩන වැලන්ටයින් පාටි බෑ

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 16

I හසිත් අංජන

අද පැවැත්වෙන වැලන්ටයින් දින සාද සෞඛ්‍ය උපදෙස්වලට අනුගත නොවී පැවැත්වුවහොත් එම සාද වටලා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

පසුගිය දින කිහිපයේ අන්තර්ජාලය හරහා ද වැලන්ටයින් දින සාද ප්‍රවර්ධනය කරන දැන්වීම් ප්‍රචාරය කර තිබීම පිළිබඳව විමර්ශනය කොට සෞඛ්‍ය නීති රීතිවලට පටහැනිව පැවැත්වෙන සාද සඳහා පියවර ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දේශයට කීය. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ අනවසරයෙන් පැවැත්වෙන වැලන්ටයින් දින සාද වැටලීම් සඳහා දිවයින පුරා සෞඛ්‍ය පරීක්ෂකවරැන් අද දිනය පුරා රාජකාරියේ යොදවන බවයි.