l දේශපාලන වාර්තාකරු
දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවට එරෙහිව සමගි ජන බලවේගය විසින් නඩු පවරන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
දේශපාලන පළිගැනීම් කමිටු වාර්තාව යුක්තිසහගත නොවන බව පැවසූ හෙතෙම එය පාර්ලිමේන්තු සභාගත කොට විවාදයට ලක් කිරීම සඳහා ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය. ඊට අමතරව මේ වාර්තාවට එරෙහිව ගත හැකි සෑම දේශපාලන පියවරක්ම ගනු ලබන බවද නම් සඳහන් කිරීමට අකැමැති වූ සමගි ජන බලවේගයේ ප්‍රකාශකවරයා සඳහන් කළේය.