I යසවර්ධන රුද්රිගු
මේ වනවිට දේශීය සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 130-140 දක්වා ඉහළ නැග ඇත. එයට හේතුව එම සහල්වලට ඉල්ලුම ඉහළ යාමය.
කීරි සම්බා කිලෝව රුපියල් 125 බැගින් ලක් සතොස සහ සුපිරි වෙළෙඳසල්වල අලෙවි වුවද පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වැඩිවී ඇත්තේ සාමාන්‍ය දේශීය සම්බා සහල් සඳහාය. එසේම කිලෝව රුපියල් 90ක් වූ පාලන මිලට ලක් සතොස සහ සමුපකාර වෙළෙඳසල්වල අලෙවි කරන ආනයනික පොන්නි සම්බාවලටද ඉල්ලුම පහත වැටී ඇත්තේ ඒවායේ ගුණාත්මක භාවය පහත වැටී ඇති බැවිනි.
රජය කොතරම් ගැසට් මගින් සහල් මිල පාලනය කිරීමට උත්සාහ කළද මේ වනවිට විවෘත වෙළෙඳ පොළේ සෑම වර්ගයකම සහල් අලෙවි වන්නේ කිලෝව රුපියල් 100කට වැඩියෙනි. පාරිභෝගික සේවා අධිකාරිය වැඩිමිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට කටයුතු නොකරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
පසුගිය සතියේ රැස්වූ ජීවන වියදම පිළිබඳ පත්කළ ඇමැති මණ්ඩල අනුකාරක සභාව නාඩු සහල්වලට කිලෝවට රුපියල් 97ක සහ සම්බා සහල්වලට රුපියල් 99ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති නමුත් සාමාන්‍ය පාරිභෝගිකයා නිතරම ඉල්ලන රතු සහ සුදු කැකුළු සහල්වලට මිලක් නියමකර නැත. මේ නිසා කැකුළු සහල් මිල ඉහළ යාමට හේතු වී තිබේ.