2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයෝ එක්ලක්ෂ විසිදාහක් - වෛද්‍ය හරිත අලුත්ගේ

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

හසිත් අංජන l

තම සංගමයට ලැබී ඇති වාර්තා අනුව කොවිඩ් ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් එක් ලක්ෂ විසි දහසක් පමණ තවමත් ඔවුන්ගේ නිවාසවල රැඳී සිටින බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එසේම ඔහු ප්‍රකාශ කළේ මුලින් සිදු කළ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව අඩු කිරීම නිසා රෝගීන් හඳුනා ගැනීම අඩාල වී ඇති බවයි. එහෙත් රට පුරාම නගර රැසක කොරෝනා අවදානම ප්‍රබල ලෙස පවතින බවද හෙතෙම සඳහන් කළේය.

මෙම කොවිඩ් වෛරසය පාලනය කිරීමට නම් පරීක්ෂණ ක්‍රමවේදය, නිරෝධායන ක්‍රමවේදය සහ රෝගීන් රෝහල්ගත කිරීමේ ක්‍රමවේදය ඉතා ඉක්මනින් නැවත සමාලෝචනයකට ලක් කළ යුතු බවද වෛද්‍ය අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.