2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

දේශපාලන පළිගැනීම් කොමිෂන් වාර්තාව මැතිසබයට

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

 දේශපාලන වාර්තාකරු

දේශපාලන පළිගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීන්දු කර ඇත. අනතුරුව එය දින දෙකක විවාදයකට ද ලක් කිරීමට ආණ්ඩුවේ පක්ෂ නායකයන් තීන්දු කරන ලදැයි වාර්තා වෙයි.

ඒ සඳහා දැනටමත් අදාළ වාර්තාව ඉංග්‍රීසි භාෂාවට සහ දෙමළ භාෂාවට පරිවර්තනය කෙරෙමින් පවතී.

යහපාලන රජය විසින් සිදු කරන ලදැයි කියන දේශපාලනමය පළිගැනීම් ගැන විමර්ශනයට පත් කළ මෙම කොමිසමේ සභාපති ධූරය දැරුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාය. එහි අවසන් වාර්තාව මගින් පසුගිය රජය ක්‍රියාත්මක කළ දූෂණ මර්දන කමිටුවේ සාමාජිකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් ගණනාවකට චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වෙයි.