I අධිකරණ වාර්තාකරු
මෙතෙක් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පැවැත්වූ නීති විද්‍යාලයීය අධ්‍යයන පාඨමාලා සහ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට අදාළව නීති අධ්‍යාපන සභාව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
නීති විද්‍යාල පාඨමාලා සහ විභාග සඳහා අනිවාර්ය මාධ්‍ය ඉංග්‍රීසි ලෙස මෙමගින් ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් 2022 වසරෙන් ආරම්භ වන පළමු අධ්‍යයන වර්ෂයේ දී විෂයන් 3කට පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටීමට අවසර ලබා දී ඇත. 2023 වසරේ විෂයන් 5කට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතු අතර 2024 සිට සියලු විභාග ප්‍රශ්න පත්‍රවලට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පිළිතුරු සැපයිය යුතු යැයි සඳහන් වෙයි.
මේ ගැන අප කළ විමසුමකට පිළිතුරු දුන් නම් සඳහන් නොකළ නීති අංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු කීවේ නීති උපාධියේ ප්‍රමිතිය ඉහළ නැංවීම මෙම තීරණයේ එකම අරමුණ බවය. විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය ඉංග්‍රීසියෙන් පමණක් හැදෑරිය යුතුය. එලෙස නීති විද්‍යාල පාඨමාලා ද ඉංග්‍රීසියෙන් හැදෑරීමෙන් විදේශීය නීති උපාධිධරයන් හා මෙරට නීති විද්‍යාලයෙන් බිහිවන නීතිඥයන් අතර පවත්නා ප්‍රමිතියේ පරතරය තුරන් වන බවද ඔහු පැවසීය.