I හසිත් අංජන
රටේ ආර්ථිකය ඉතා දුර්වල මට්ටමකට පත්ව තිබියදී කොළඹ කොටස් වෙළෙඳපොළේ අනපේක්ෂිත පිබිදීම බෙහෙවින් සැකයට තුඩු දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට කීය.
රටේ මුදල් හිඟයක් පවතින විට හිටිඅඩියේම කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඉහළ ගියේ අලුතින් මුදල් මුද්‍රණය කිරීම නිසා හෝ නීති විරෝධී කළු සල්ලි තොගයක් කොටස් වෙළෙඳපොළට පොම්ප කිරීම නිසා බවට ප්‍රබල සැකයක් ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
වත්මන් රජයට ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම නවතාලීමට නොහැකි බවත් රුපියල කඩාවැටීම පවා පාලනය කරගත නොහැකි වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.