හසිත් අංජනl
හිටපු ඇමැති චම්පික රණවක මහතා සමගි ජනබලවේගයට එක්කර ගැනීම සම්බන්ධව තීරණයක් ගැනීමට එම පක්ෂය විසින් විශේෂ කමිටුවක් පත්කොට තිබේ.
රණවක මහතා සමග එම කමිටුව ලබන සතියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව ඔහු පක්ෂයට බඳවා ගැනීම සම්බන්ධව අවසන් තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු දේශයට පැවසීය.
හිටපු ඇමැතිවරයා සමගි ජනබලවේගයට එක්කර ගැනීම සම්බන්ධව තීන්දුවක් ගන්නට පත්කළ කමිටුවේ සාමාජිකයන් වන්නේ පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන්ය.