2021 ජනවාරි 30 වන සෙනසුරාදා

තවත් ලොක්කෙක් කරණමකට සැරසෙයි

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

I දේශපාලන වාර්තාකරු

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ හවුල්කාර පක්ෂයක ප්‍රධානියෙක් රජයට එක්වීම සඳහා දේශපාලන සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම ආරංචිය පැතිර යාමත් සමඟ තම සන්ධානයේ මන්ත්‍රීන් ආණ්ඩුව වරදාන ලබා දී බාගන්නට හදනවා යැයි එහි නායක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා චෝදනා නගා තිබිණි.

එම සන්ධානය නියෝජනය කළ එම්. අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයා පසුගියදා පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන ඡන්දයේදී රජයට පක්ෂව ඡන්දය දී ආණ්ඩුවට එක් විය. ඔහු නියෝජනය කරන්නේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ කඳුරට ජනතා පෙරමුණු පක්ෂයයි. එහි නායක වී. රාධක්‍රිෂ්ණන් මහතාය.