2021 ජනවාරි 23 වන සෙනසුරාදා

පළාත් සභාවලට සජබ අයැදුම්පත් කැඳවයි

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 23

I ගයාන් ගාල්ලගේ

පළාත් සභා මැතිවරණය සඳහා ඉදි‍‍‍‍රිපත් වන අපේක්ෂකයන්ගේ අයැදුම්පත් මේ සතියේ සිට ලබාගැනීම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.  

පසුගිය බදාදා පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් විශේෂයෙන් එහිදී තරුණ, වෘත්තීයවේදීන් සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට තීන්දු කළ බවත් හෙතෙම සඳහන් කළේය. මෙම අයැදුම්පත් ලබා ගැනීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි මුලදී ආරම්භ කිරීමට තීරණය කර ඇත.