2021 ජනවාරි 23 වන සෙනසුරාදා

මැති ඇමැතිලාට මැතිසභා සේවකයන්ට වෙනම රෝහල්!

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I දේශපාලන වාර්තාකරු

පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකෙරෙන පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් සහ එහි සේවක සේවිකාවන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වුවහොත් ඒ අයට ප්‍රතිකාර කිරීම සඳහා රජයට අයත් ප්‍රධාන රෝහල් දෙකක් වෙන්කර දෙන ලෙස පාර්ලිමේන්තු බලධරයන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මැති ඇමැතිවරුන් සඳහා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අයත් වේරහැර රෝහලත් සෙසු සේවක සේවිකාවන් සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලත් වෙන්කර දෙන ලෙස දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් හා සේවක සේවිකාවන් 1000ක් පමණ ගිය සිකුරාදා වනවිට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි. එයින් මැති ඇමැතිවරුන් 4 දෙනෙක් සහ සේවක සේවිකාවන් 6 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බව හඳුනා ගනු ලැබූහ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00