I සුගත් පී. කුලතුංගආරච්චි
සුවීශේෂී අධි තාක්ෂණික පී.සී.ආර් ක්‍රමවේදයක් යොදා ගැනීමෙන් එංගලන්ත විපරීත මාදිලිය සහිත වූ ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා සාම්පලය හඳුනා ගැනීමට හැකි වූ බව වාර්තා වේ.
එම පර්යේෂණය සිදු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද සහ අණුක ජීව වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර ‘දේශයට’ ප්‍රකාශ කළේ අලුත් එංගලන්ත මාදිලිය වන N501Y සතු ජානමය වෙනස්කම් 3න්, 2ක්ම වෙන්කර හඳුනා ගැනීමට තමන්ට හැකි වූ බවය. වඩාත් ස්ථිරසාර ප්‍රතිඵල සඳහා පූර්ණ ජාන ගොනු පරීක්ෂාවක් සිදු කළ යුතුව ඇතත් දැනට වාර්තා වී ඇති එංගලන්ත මාදිලියට අදාළ වූ එම ජාන ලක්ෂණ 3න් 2ක් ස්ථීර ලෙස හඳුනා ගැනීම මගින් සාම්පලය තුළ නව වෛරසය අඩංගු බව තහවුරැ වූයේ යැයි ඔහු පැවසීය.
නව වෛරස මාදිලිය සතු රෝග ලක්ෂණවල වෙනසක් නැති අතර එය මුල් වෛරස ප්‍රභේදයට වඩා සියයට 70ක වේගයෙන් පැතිරෙන බව සනාථ වී ඇති බව වෛද්‍ය ජීවන්දර කියයි. එසේම මේ වෛරස ප්‍රභේදය තරුණ වයස් කාණ්ඩයටද අවදානම් ලෙස පැතිරීමේ ඉඩකඩ වැඩි බව එංගලන්ත නිරීක්ෂණ වාර්තා මගින් තහවුරු වී ඇතැයි ඔහු පෙන්වා දෙයි. මේ අනුව ලංකාව නව වෛරස මාදිලිය වාර්තා වූ 51 වැනි රට බවට පත්ව තිබේ.