2021 ජනවාරි 09 වන සෙනසුරාදා

අලි සබ්‍රිගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 386

I දේශපාලන වාර්තාකරු

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මුස්ලිම් මෘතදේහ භූමදාන ප්‍රශ්නය පිළිබඳව ලබන සතියේදී තීරණාත්මක ප්‍රකාශයක් නිකුත් කිරීමට සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මෙම ප්‍රශ්නය සම්බන්ධව රජය සමඟත් මුස්ලිම් ආගමික නායකයන් සමඟත් මෙයට පෙර වාර ගණනාවක් සාකච්ඡා පවත්වා තිබේ. ඒ සෑම අවස්ථාවකම මුස්ලිම් භක්තිකයන්ගේ මෘතදේහ භූමදානයට අවසර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා මේ සම්බන්ධව සොයා බලා අවසන් තීරණයක් ගැනීමට වෛරස විශේෂඥයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කළේය. එහි තීන්දුව අනුව මෘතදේහ ආදාහනය කරන බව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. එම පසුබිමේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. මෙයට පෙර ඔහු කියා තිබුණේ තමන්ට මෙම අර්බුදය සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් ප්‍රබල බලපෑම් එල්ල වන බවය.