I දේශපාලන වාර්තාකරු
මෙරට කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගම් සමූහයේ සභාපති අෂ්රොප් ඕමාර් මහතා ප්‍රමුඛ ව්‍යාපාර සමාගම් ප්‍රධානීන් කිහිපදෙනකු විසින් කොරෝනා රෝගය සඳහා එන්නත් මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක (රුපියල් මිලියන 6250) මුදලක් රජයට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
රජයට අවශ්‍ය ඕනෑම මොහොතක එය සැපයිය හැකි බවත් එම මුදල උපයෝගී කරගෙන මෙරට වැඩකරන ජනතාවට එන්නත ලබාදෙන ලෙසත් අෂ්රොප් ඕමාර් මහතා රජයේ එන්නත්කරණ කමිටු සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාට දැනුම් දී තිබේ.
අෂ්රොප් ඕමාර් මහතා සපයන ඩොලර් මිලියන 50 මෙරට සම්පූර්ණ එන්නත්කරණ වැඩසටහන සඳහා වැයකෙරෙන ඩොලර් මිලියන 200න් ¼කි. ඔහු සපයන ආධාරයද එන්නත් මිලට ගැනීම සඳහා උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බව දේශයට පැවසූ ලලිත් වීරතුංග මහතා එය රජයේ පොදු එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට විශාල අනුග්‍රහයක් බව පැවසීය.