හසිත් අංජනl
කොළඹ දිස්ත්‍රික්කයේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා රෝගය පැතිරීම කිසියම් අඩුවක් දක්නට ඇතත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තවමත් දැඩි අවදානම් සහිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දේශයට කීය.
පසුගිය කාලයේ කොළඹ නගරයේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ 100ක් සිදු කළ විට එයින් 85 දෙනකු ආසාදිතයන් බව හඳුනාගත් නමුත් දැන් එය 50%ත් 60%ත් අතර ගණනකට අඩු වී තිබේ.
දිනකට කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ නංවාගත යුතු වුවද මේ දිනවල එය 10,000ක් දක්වා අඩු වී තිබීම කනගාටුවට කාරණයක් බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.