2021 ජනවාරි 09 වන සෙනසුරාදා

සංචාරක හෝටල් 7500ක් හාන්සියි

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

I ව්‍යාපාරික වාර්තාකරු

කොරෝනා වසංගතය නිසා මෙරට සංචාරක හෝටල් 7500ක් පමණ බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව තිබේ. මෙම හෝටල් අතර ඉහළ තරු පන්තියේ හෝටල් මෙන්ම කුඩා පරිමාණයේ හෝටල් ද තිබේ. මේවායේ ඍජු හා වක්‍ර රැකියා කරන්නන් ද සංචාරක ක්ෂේත්‍රයේ සෙසු රැකියා කරන්නන්ද ලක්ෂ 30ක් පමණ වන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

උසස් තරු පන්තියේ ලියාපදිංචි (K.P.M.G ලියාපදිංචිය) හෝටල් 84ක් දිවයිනේ ක්‍රියාත්මකය. සාමාන්‍ය ව්‍යාපාර ලෙස ලියාපදිංචි වූ තවත් හෝටල් 2484ක් රට පුරා පිහිටා තිබේ. මෙයට අමතරව විධිමත් ව්‍යාපාර ලෙස ලියාපදිංචි කර නැති කාමර අඩු සංඛ්‍යාවක් සහිත කුඩා හෝටල් 5000ක් පමණ රට පුරා විසිරී පවතී. කොවිඩ් වසංගතය නිසා මේවායින් බොහොමයක් සහමුලින්ම වැසී ගොසිනි. ඇතැම් ප්‍රධාන හෝටල් සමාගම් පවා විශාල වට්ටම් පිරිනමමින් දේශීය සංචාරකයන් සඳහා පැකේජ නිකුත් කර ඇතත් ඒ සඳහා ජනතාව ප්‍රමාණවත් ප්‍රතිචාර දක්වා නැතැයි සඳහන්ය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00