I ආරක්ෂක වාර්තාකරු
මුහුණු ආවරණ නොපැළඳ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන තැනැත්තන් ක්ෂණිකව වෛද්‍ය පරීක්ෂණවලට ලක්කොට ඉන් යමෙක් රෝග ආසාදිතයකු බව තහවුරු වුවහොත් ඔහුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පැවරීමට පොලීසිය තීන්දු කර ඇත.
නිරෝධායන පනත අනුව මෙම නඩු පැවරීම් සිදු කරන්නේ විධිමත් මුහුණු ආවරණයක් නොපැළඳීම සහ කොවිඩ් රෝගය පැතිරවීම සඳහා ක්‍රියා කිරීම යන චෝදනා දෙක යටතේ බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
මෙලෙස මුහුණු ආවරණ නොපළඳින තැනැත්තන් හඳුනා ගැනීමට මේ වන විටත් පොලිස් මෙහෙයුම් දියත් කර තිබේ. පසුගිය දින කිහිපයේ මෙකී මෙහෙයුම්වලදී හඳුනාගත් තැනැත්තන් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවට ලක්කර රෝග වාහකයන් ගණනාවක්ම සොයාගත් බවද පොලීසිය පවසයි. ඒ සියලු දෙනාට ප්‍රතිකාර ලබාදෙන අතර නඩු පැවරීමද සිදු කෙරේ.