2021 ජනවාරි 02 වන සෙනසුරාදා

විපක්ෂ මන්ත්‍රීන්ගේ උද්ඝෝෂණය අලි සබ්‍රි හෙළාදකී

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

I හසිත් අංජන

මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ආදාහනයට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ හෙළාදකින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

රජය කොරෝනා මෘතදේහ සම්බන්ධයෙන් අවසන් තීරණ ගනු ලබන්නේ දැනට පත්කර ඇති විද්වත් කමිටුවේ නිර්දේශ මත පදනම්ව බවද අමාත්‍යවරයා කීය.

කොරෝනා මෘතදේහ ආදාහනයේදී මෙන්ම කුමන ගැටලුවක් සම්බන්ධයෙන් වුවද කිසිදු ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ආකාරයට රජය තින්දු ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.