2021 ජනවාරි 02 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දෙට සජබ සූදානම්

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

I දේශපාලන වාර්තාකරු

සමගි ජන බලවේගය ඉදිරි පළාත් සභා ඡන්දය සඳහා අවශ්‍ය කරන අපේක්ෂකයන් තෝරාගැනීම ළඟදීම අරඹන බව එහි මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.

ආසන මට්ටමින් පක්ෂ සංවිධාන ආරම්භ කිරීම මුලින්ම සිදුකෙරෙයි. මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට කැමැති අයගෙන් අයැදුම්පත් කැඳවීම ඉතා ඉක්මණින් සිදුකරන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පක්ෂ ව්‍යවස්ථාව අනුව විපක්ෂය පුළුල් සන්ධානයකට අවශ්‍ය සැලසුම සකසා ඇත. ඒ අනුව විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයටත් සමගි ජනබලවේගය සමග එක්ව ඡන්දයට ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.