I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
පළාත් සභා අහෝසි කරන්නට යෑම ගින්දර සමඟ සෙල්ලම් කිරීමක් හා සමාන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ “ද හින්දු” පුවත්පතට පවසා තිබේ.
පළාත් සභා ක්‍රමය මෙරට වසර 30ක් ක්‍රියාත්මක වුවද එයින් අපේක්ෂිත අරමුණු ඉටුවීද යන්න ප්‍රශ්නයක් බව සිරිසේන මහතා මෙහිදී අවධාරණය කර ඇත.
හිතුමතේ පළාත් සභා අහෝසි කළහොත් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සිත්තැවුල් ඇතිකර ගන්නට ඉඩ තිබේ. කලාපීය දේශපාලනයේදී ඉන්දියාව මේ රටට ඉතා වැදගත්ය. එහෙත් පුළුල් මහජන සේවාවක් සඳහා පළාත් සභා ක්‍රමයේ යම් යම් සංශෝධන අවශ්‍ය වෙයි. එසේම මෙරට සුළු ජාතීන්ටද බහුතර සිංහලයන්ට ඇති අයිතිවාසිකම් සමානව හිමිවියයුතු යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා (ද හින්දු) පුවත්පතට වැඩිදුරටත් කියා ඇත.