2021 ජනවාරි 02 වන සෙනසුරාදා

පක්ෂ විපක්ෂ මතගැටුම් භූමදාන ආදාහන කමිටුව අතරමං

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

දේශපාලන වාර්තාකරු l

කොරෝනාවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමදානය කරන්නේ ද ආදාහනය කරන්නේ ද යන්න ගැන අවසන් තීන්දුව ගැනීමට පත් කළ වෛරස විශේෂඥයන් 30 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ හටගත් මතගැටුමක් නිසා එහි අවසන් තීන්දුව ප්‍රමාද වන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම වෛරස විශේෂඥයන් 30 දෙනකු මේ සඳහා පත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය පරිදිය. කඩිනමින් අදාළ ප්‍රශ්නය ගැන තීරණයක් දෙන ලෙස ද ඔවුනට දැනුම් දී තිබිණි. එහෙත් එම විශේෂඥ කණ්ඩායමේ වෛද්‍යවරුන්ගෙන් එක් කණ්ඩායමක් භූමදානයට පක්ෂ වීමත් තවත් කණ්ඩායමක් ආදාහනයට පක්ෂ වීමත් නිසා ප්‍රබල මතගැටුමක් හටගෙන ඇත. ඒ නිසා මුස්ලිම් මෘතදේහ පිළිබඳ විද්වත් කමිටු තීන්දුව දිගින් දිගටම ප්‍රමාද වීමෙන් පවත්නා අර්බුදය දුරදිග යමින් ඇතැයි රජයේ වාර්තා පෙන්වා දෙයි.