I දේශපාලන වාර්තාකරු
කොවිඩ්-19 රෝගය සඳහා භාවිත කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහන ණය මුදලක් පිරිනමා ඇත. එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 84ක් සැපයීමට අදාළ ලියවිලි පසුගියදා මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර හුවමාරු කර ගැනිණි.
මෙම ණය මුදල ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව පරිදි අමෙරිකානු ඩොලර් මිලියන 200ක් දක්වා වැඩි කරගත හැකි බවද මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.